ක්‍රීඩා

ඉන්දියාව හා ඉතිරි එක්දින තරග 2කට වනිඳු නැහැ

Published

on

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (03) රාත්‍රියේ නිවේදනය කළේය.

දෙරට අතර පළමු එක්දින තරගයේ වනිඳු ඔහුගේ 10වැනි පන්දුවාරය යොමුකරමින් සිටියදී වම් පාදයේ ආබාධයකට ලක්විය.

ඒ හේතුවෙන් සිදු කරන ලද එම්.ආර්.අයි. පරීක්ෂණයෙන්ද මේ බව තහවුරු වී ඇත.

හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳ වූ බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version