ක්‍රීඩා

ඉන්දියාව හා පළමු එක්දින තරගය අද; මැච්එක බලන්න නිවාඩුවක්

Published

on

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (10) ගුවහතිහී බර්සපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හීදි පැවැත්වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භවීමට නියමිතය.

මෙම එක්දින තරගය හේතුවෙන් ඇසෑම් රජය අද දිනය කම්රුප් දිස්ත්‍රික්කයේ අර්ධ දින දේශීය නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීම නිත්‍ය නායක රෝහිත් ශර්මා සිදුකරන අතර විරාත් කෝලි, ලෝකේෂ් රාහුල්, ශ්‍රෙයාස් අයියර් සහ මොහොමඩ් ශාමී වැනි 20 – 20 තරගාවලියට සහභාගී නොවු අත්දැකීම් බහුල ක්‍රීඩකයන් එක්දින තරගාවලියට ඇතුළත් කර ඇත.

කෙසේවෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ, මීට පෙර ඉන්දීය සංචිතයට නම්කර සිටි ජස්ප්‍රිත් බුම්රා එක්දින තරගාවලියට ක්‍රීඩා නොකරන බවය.

මේ අතර විස්සයි විස්ස තරගාවලියට සහභාගී නොවු ජෙෆ්රි වැන්ඩසේ සහ නුවනිදු ප්‍රනාන්දු එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙතෙක් එක්දින තරග 162ක් පවත්වා ඇති අතර ඉන්දියාව ඉන් තරග 93ක් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරග 57ක් ජයගෙන තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ඉන්දියාවේදී එක්දින තරගාවලි 10කට සහභාගීවී ඇති අතර ඉන් තරගාවලි 09ක්ම ජයගෙන ඇත්තේ ඉන්දියාවය.

එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියා කණ්ඩායමට එරෙහිව මෙතෙක් එක්දින තරගාවලි ජයක් හිමිකරගෙන නැත.

Trending

Exit mobile version