ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ තරග අවසන් කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීතරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 6 කින් ඉන්දියාව පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
මෙම පරාජය ඉන්දියාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ලැබූ පළමු පරාජය වීම ද කැපී පෙනේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 266 ක ඉලක්කය හඹාගිය ඉන්දීය ඉනිම ඕවර 49.5 කදී ලකුණු 259 ට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.
බංග්ලාදේශ පිල ඕවර 50 යේ දී කඩුලු 8 ට 265 (ශකීබ් අල් හසන් 80, ටොව්හිඩ් හිඩෝයි 54, නසුම් අහ්මඩ් 44, මෙහෙදි හසන් නොදැවී 29, මොහොමඩ් සාමී 32/2, ශර්දුල් ඨාකූර් 65/3)
ඉන්දීය පිල ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 259 (ෂුබ්මන් ගිල් 121, කේ. එල්. රාහුල් 19, සූරියකුමාර් යාදේව් 26, අක්ෂර් පටෙල් 42, ටන්ෂීම් හසන් සකීබ් 32/2, මුෂ්ෆිකුර් රහමන් 50/3, මෙහෙදි හසන් 50/2)