ක්‍රීඩා

ඉන්දීය ඔට්ටු මාෆියාවේ දෙදෙනෙක් ලංකාවේදී කොටු වෙයි

Published

on

ඉන්දීය ඔට්ටු තබන්නෙකු ලෙස ජනප්‍රිය සෞරාබ් චන්දර්කර් හා ඔහුගේ හවුල්කරු වන රවී උත්පාල් ශ්‍රී ලංකාවේ රැඳවුම් බාරයේ සිටින බව ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා‘ පුවත් සේවය වාර්තා කරයි.

ඉන්දියාව පුරා අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධී ඔට්ටු තැබීමේ ව්‍යාපාර පවත්වාගෙන ගිය මොවුන් දෙදෙනා එරට ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍ය පුද්ගලයන් දෙදෙනකු වන බවත්, ඉන්දීය ආරක්ෂක අංශ වෙනුවෙන් ජාත්‍යන්තර පොලිසිය කළ ඉල්ලීමක් මත දැනට ශ්‍රී ලංකාවේ රඳවා තබාගෙන ඇති බවත් වාර්තා වේ.

සෞරාබ් යනු ඉන්දියාවේ පාතාල නායකයෙකු වන දාවුඩ් ඉබ්‍රාහිම් හා එක්වී අන්තර්ජාලය ඔස්සේ විවිධ නීතිවිරෝධී ඔට්ටු තැබීමේ ජාවාරමක් සිදුකරගෙන යන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

‘මහදේව් බුක්’ නම් ඇප් මෘදුකාංගය මගින් ක්‍රිකට්, පෝකර්, බැඩ්මින්ටන්, ටෙනිස් හා පාපන්දු ඇතුළු සජීවීව පැවැත්වෙන විවිධ ක්‍රීඩා තරග සම්බන්ධයෙන් ඔට්ටු තැබීමට අන්තර්ජාලයේ වේදිකාවක් ලබාදේ.

මේ සම්බන්ධයෙන් පසුගියදා පුද්ගලයෙන් සිවුදෙනෙකු ඉන්දියාවේදී ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ චාටිස්ගර්හ් පොලිසිය වාර්තා කරන අන්දමට මෙම ‘මහදේව් බුක්’ නම් ඇප් මෘදුකාංගය මධ්‍යස්ථාන 30කින් පමණ ක්‍රියාත්මක වන අතර, පසුගිය වසරේදී පුද්ගලයන් මිලියනයක් පමණ මෙම වේදිකාව ඔස්සේ ඔට්ටු තබා ඇත.

Trending

Exit mobile version