ක්‍රීඩා

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් රිය අනතුරකට ලක්වෙයි

Published

on

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද (30) උදෑසන සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අනතුර සිදුවීමෙන් අනතුරුව රිෂාබ් ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනි ගෙන තිබේ.

අන්තර්ජාලයේ පළ වී ඇති වාර්තා සහ පින්තූර කිහිපයකට අනුව, ඔහු පිළිස්සුම් තුවාල රැසකට ගොදුරු වී ඇති නමුත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

දිල්ලියේ සිට රූර්කි වෙත යමින් සිටියදී රිෂාබ් ට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

Trending

Exit mobile version