Connect with us

ක්‍රීඩා

ඉන්දුනීසියාව, ලෝක කුසලාන සත්කාරකත්වයෙන් ඉවතට

Published

on

20න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක අයිතිය ඉන්දුනීසියාවට ලබා නොදීමට ජගත් පාපන්දු සම්මේලනය (ෆීෆා) විසින් තීරණය කර තිබේ.

ඉන්දුනීසියාවේ පාපන්දු සංගමය (PSSI) පැවසුවේ බාලි හි ආණ්ඩුකාරවරයා වන Wayan Koster විසින් ඊශ්‍රායල කණ්ඩායමට සත්කාරකත්වය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ෆීෆා හට මෙම තීන්දුව ගැනීමට සිදු වූ බවයි.

20න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මැයි 20 සිට ජුනි 11 දක්වා පැවැත්වීමට නියමිතය.

ඉන්දුනීසියාව, ඊශ්‍රායලය සමඟ කිසිදු විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් නොපවත්වන අතර, පලස්තීනයට සහය පළ කරමින් ඊශ්‍රායල කණ්ඩායම මෙම තරඟාවලියට තරඟ කිරීම වළක්වන මෙන් ඉල්ලමින් විරෝධතාකරුවන් පසුගියදා පාගමන් පවත්වා තිබුණි.

මෙම තරගාවලිය සඳහා ඉන්දුනීසියාවට සත්කාරක අයිතිය 2019 දී පිරිනැමුණු අතර, ඒ වන විට ඊශ්‍රායලය තරගාවලියට සුදුසුකම් ලබා නොතිබුණි.

ෆීෆා නිවේදනයක දැක්වෙන්නේ දැනට නියම කර ඇති තරඟාවලියේ දිනයන් නොවෙනස්ව පවතින බවත්, හැකි ඉක්මනින් නව සත්කාරක රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන බවත්ය.

තවද, ඉන්දුනීසියාවේ පාපන්දු සංගමයට එරෙහිව පැනවිය හැකි සම්බාධක ද පසුකාලීන අදියරේදී තීරණය කිරීමේ හැකියාවක් පවතින බවද එහි වැඩිදුරටත් දැක්වේ.

ක්‍රීඩා

පැතුම් 150 පසුකරයි

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය.

ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී මේ වනවිට ලකුණු 150 සීමාව පසුකර ඇත.

පන්දු 242කට මුහුණදෙමින් ඔහු මෙම කඩඉම පසුකර ගිය අතර, ඔහුගේ ඉනිමේ හතරේ පහර 18ක්ද ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 2කට ලකුණු 296ක් රැස්කරගෙන සිටින අතර, පැතුම් සමගින් අනෙක් අන්තයේ රැඳී සිටින ප්‍රබාත් ජයසූරිය පන්දු 23කට මුහුණදී ලකුණු 6ක් රැස්කරගෙන සිටියි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට පැතුම් ලකුණු 146ක් ලබාගෙන තිබුණි.

Continue Reading

ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ කණ්ඩායමට කැඳවා ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Continue Reading

ක්‍රීඩා

දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලයේ බලන්න දෙයි

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (ජුනි 25දා) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රේක්‍ෂකයන්ට එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අංක 3 සහ 4 දොරටුවලින් ක්‍රීඩාංගණයට ඇතුළු වියහැකි වේ.

මෙම තරගය පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved