ක්‍රීඩා

ඊයේ අත්හර දැමූ IPL අවසන් මහා තරගය අද

Published

on

වර්ෂාව නිසා අතහැර දැමුණු 2023 ඉන්දීය ප්‍රමුඛ ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) පැවැත්වීමට නියමිතය.

චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේදී පැවැත්වීමට නියමිත වුවද, වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැවීමට අවස්ථාව නොලැබුණි.

අවසන් මහා තරගයට කිසියම් හේතුවක් මත බාධා එල්ලවුවහොත්, අතිරේක දිනයකදී එම තරගය පැවැත්වීමේ ක්‍රමවේදයක් මෙම තරගාවලියේ පවතින අතර, ඒ අනුව, ඊයේ තරගය අත්හැර දමා අද පැවැත්වීමට තරග තීරකවරුන් තීරණය කර තිබුණි.

Trending

Exit mobile version