Connect with us

ක්‍රීඩා

උපුල් තරංගට එරෙහි නඩු තීන්දුව මාර්තු 10

Published

on

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගට එරෙහිව මාතලේ මහාධිකරණයේ ක්‍රියාත්මකවන නඩුවේ තීන්දුව එළැඹෙන මාර්තු මස 10 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

මාතලේ මහා අධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ මෙම නඩුව අද (31)  කැඳවූ අවස්ථාවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්වීමෙන් අනතුරුව විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පසුගිය වසරේ පැවති ‘ලෙජන්ඩ් ලීග් -2024’ ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට ඔහු විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව ක්‍රියාත්මක වේ.

කෙසේ නමුත් මෙම සිද්ධියට අදාලව සාක්ෂි ලබාදීම සඳහා  අධිකරණයේ පෙනී නොසිටීමේ හේතුවෙන් මාතලේ මහාධිකරණය විසින් උපුල් තරංගව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබුණි.

පසුව එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ක්‍රීඩා

IPL අත්හිටුවයි

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading

ක්‍රීඩා

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය තීන්දුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ශර්මා පවසා ඇත්තේ ටෙස්ට් සුදු ඇඳුමින් සැරසී සිය රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

කෙසේවෙතත්, තමා තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග වල ක්‍රීඩා කරන බවද ඔහු පවසා ඇත.

2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු T20 ජාත්‍යන්තර තරග බිමෙන්ද විශ්‍රාම ගියේය. 

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ටෙස්ට් තරග 67ක ඉනිම් 116කදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත. එහිදී ලකුණු 4301ක් රැස්කර ඇති රෝහිත්, ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තාකර තිබේ.

Continue Reading

ක්‍රීඩා

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

අවසන් වරට ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේය.

මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව ඇත.

ඊට අමතරව දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය  ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved