ක්‍රීඩා

එංගලන්තය අවසන් පූර්ව වටයට

Published

on

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ එංගලන්තය සහ අමෙරිකාව අතර පැවැති තරගය ජය ගැනීමට එංගලන්තය සමත් විය.

ඒ කඩුලු 10ක ජයක් වාර්තා කරමිනි.

කාසියේ වාසිය හිමිකර ගත්  එංගලන්තය තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව අමෙරිකාවට ලබා දීමටය.

ඒ අනුව පන්දුවට පහරදුන් අමෙරිකාව පන්දුවාර 18 යි පන්දු 5කදී සියල්ලන් දැවී ලකුණූ 115ක් ලබා ගත්තේය.

ඊට පිළිතුරු ලෙස එංගලන්තය පන්දු ඕවර 9.4කදී කිසිවෙක් නොදැවී ලකුණු 117ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.

නායක ජොස් බට්ලර් නොදැවී ලකුණු 83යි.

මේ අනුව, එංගලන්තය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තේ ය.

Trending

Exit mobile version