මෙවර පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානයේ ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්ත කණ්ඩායම අද (05) සමත් විය.
ඒ, අද සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 4කින් ජය ගනිමිනි.
ඒ සමග සිය ලෝක කුසලාන සිහිනය අතහැර දැමීමට සත්කාරක ඕස්ට්‍රෙලියානු පිලටද සිදු විය.
ඒ අනුව, නවසීලන්ත හා එංගලන්ත කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩයෙන්ද, ඉන්දීය හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් ‘බී’ කාණ්ඩයෙන්ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.