ක්‍රීඩා

එක්දින ලෝක කුසලානයේ තරග 9ක දින වෙනස් වේ

Published

on

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ 09 ක් සංශෝධනය කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. 

මෙලෙස දින සංශෝධනය වූ තරඟ අතරට ඉන්දු – පාකිස්තාන තරඟයද ඇතුලත් වේ.

කලින් වාර්තා වී තිබුණේ එම තරගය පැවැත්වීමට නියමිතවූ ඔක්තෝබර් 15දා දිනට ප්‍රමාණවත් ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් අහ්මෙදාබාද් පොලිසිය ගැටළු මතු කර තිබුණු බවයි. ඔක්තෝබර් 15දා යනු දින 9ක් පුරාවට පැවැත්වෙන හින්දු භක්තිකයන්ගේ ප්‍රධානතම උත්සවයක් වන නවරාත්‍රී උත්සවයේ මෙවර ආරම්භක දිනයයි.

කෙසේවෙතත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජයි ශාහ් මහතා මෙය ප්‍රතික්ෂේප කර තිබේ. 

“ආරක්ෂාව ගැන ගැටළුවක් තිබුණා නම් තරගය අහ්මෙදාබාද් වල තියන්න තීරණය කරන්න හේතුවක් නෑ. ප්‍රශ්ණය ඒක නෙමෙයි. ක්‍රිකට් පාලක මණ්ඩල දෙක තුනක්ම ලිඛිත ඉල්ලීම් කරලා තියෙනවා… ප්‍රවාහන අභියෝග නිසා දින වෙනස් කරගන්න පුළුවන්ද කියලා,” යැයි පසුගිය 27දා පැවති ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය රැස්වීමකින් පසුව අදහස් දක්වමින් ඔහු පවසා තිබේ.

ඒ අනුව, තරග දින වෙනස් වී ඇත්තේ මෙසේය :

Trending

Exit mobile version