සිම්බාබ්වේහි දී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
ඒ අනුව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ අනුමැතිය සහිතව ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කොට තිබේ.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට මෙවර දිමුත් කරුණාරත්න මෙන්ම මතීෂ පතිරණ ද ඇතුළත් ව ඇත.
කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, වනිදු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ සහ දුෂාන් හේමන්ත නම් කර ඇති සෙසු ක්‍රීඩකයින් වෙයි.
තරගාවලියට සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(10) සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතය.