2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර අද (17) පැවති තරගයෙන් ලකුණු 83 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 201 ක් ලබා ගත්හ.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් හා චරිත් අසලංක ලකුණු 46 බැඟින් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 30 ක් ලබා ගන්නා ලදී.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 118 ක් පමණි.
පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු 3 ක්, වනිඳු හසරංග හා මතීෂ පතිරණ කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් විය.