Connect with us

ක්‍රීඩා

ඔලිම්පික් කමිටුවේ ලේකම් ට එරෙහි පෙත්සමට දුන් නියෝගය

Published

on

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මේ මස 18 වනදා යළි කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද (05) නියෝග කලේය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරී ආරච්චිගේ සහ ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම අද (05) කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි ඇතැම් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්, විරෝධතා ගොනුකිරීම සඳහා තමන්ට තවදුරටත් කාලය ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව නඩුව යළි මෙම මස 18 වනදා කැඳවීමට නියෝග කළ දිසා අධිකරණය එදිනට පෙර විරෝධතා සහ ඊට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඉදිරිපත් කරන ලෙසට පාර්ශ්වකරුවන්ට නියෝග කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ කමිටුවේ ලේකම්වරයාට දූෂණ චෝදනා එල්ල වී තිබෙන බැවින් ඔහුට එම තනතුර දැරීමට හැකියාවක් නොමැති බවය.

එබැවින් ඔහුගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ කණ්ඩායමට කැඳවා ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Continue Reading

ක්‍රීඩා

දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලයේ බලන්න දෙයි

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (ජුනි 25දා) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රේක්‍ෂකයන්ට එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අංක 3 සහ 4 දොරටුවලින් ක්‍රීඩාංගණයට ඇතුළු වියහැකි වේ.

මෙම තරගය පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

Continue Reading

ක්‍රීඩා

යුපුන් ජර්මනියේදී දස්කම් පෙන්වයි

Published

on

By

ජර්ම­නියේ ඇන්හෝ­ල්ට්හිදි පැවති 27 වැනි අන්ත­ර්ජා­තික මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තර­ග­ය­කදී යුපුන් අබේ­කෝන් තත්පර 10.18ක කාල­යක් වාර්තා කර­මින් ඔහුගේ හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව සට­හන් ක‍ළේය.

මේ වසරේ සැප්තැ­ම්බර් මාසයේ ටෝකියෝ හි පැවැ­ත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ මීටර් 100 පරි­සා­ධන මට්ටම තත්පර 10ක් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved