ක්‍රීඩා

ඕස්ට්‍රේලියාවේ නයිට් කලබ්වල රස්තියාදු වූ ක්‍රිකට් ක්‍රීඩකයෝ (ඡායා)

Published

on

Exclusive –  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි 20 ලෝක කුසලාන සඳහා වූ ඕස්ට්‍රේලියානු සංචාරය තුළ සිදු වී යයි කියන බොහෝ සිද්ධීන් පිළිබඳව පසුගිය කාලයේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය වල විශාල අවධානයක් යොමුව තිබිණි.

මේ අතර මේ පිළිබඳව අප පළ  කළ පුවත් දැක ඕස්ට්‍රේලියාවේ සිට අප ඇමතූ ශ්‍රී ලාංකිකයකු ක්‍රීඩකයන් හා නිලධාරීන් රාත්‍රි කාලයේ බොහෝ තැන්වල සැරිසරනු තමන් දුටු බවත්, ඇත්ත වශයෙන්ම ධනුෂ්ක ගුණතිලක සිද්ධිය හා එවැනි වෙනත් සිදුවීම් පිළිබඳ කරුණු සොයා බැලීම ඉතා වැදගත් බවත් පැවසීය.

ඔහු එය සනාථකරමින් නයිට් ක්ලබ් එකක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විනෝද වෙමින් සිටි අයුරු දැක්වෙන සේයාරූ දෙකක්ද අපට එවූ අතර ඒවා මෙහි පහත දැක් වේ.

ක්‍රිකට් පිලේ විනය සම්බන්ධයෙන් පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේ පවා ප්‍රශ්න කෙරිණ.

අවසානයේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කණ්ඩායමේ නිලධාරීන්, ක්‍රීඩකයන් හා තේරීම් කමිටු නිලධාරීන් ගෙන්වා කරුණු විමසූ අතර ඉන්පසු මෙම සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට  විශ්‍රාමික විනිසුරුවරියක වන කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් ද පත් කරන ලදී.

මෙම කමිටුව දැනටමත් කරුණු විමසීම් ආරම්භ කර ඇති බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

Trending

Exit mobile version