ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව දෙරට අතර ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරගයක් පැවැත්වීමට නියමිතය.
පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 වැනිදා ආරම්භ වන අතර, දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 06 වනදා ආරම්භ වේ.
තරග දෙකම ගාල්ලේදී පැවැත්වීමට නියමිතය.
දෙරට අතර පැවැත්වෙන එකම එක්දින ජාත්‍යන්තර තරගය දිවා-රාත්‍රී තරගයක් ලෙස පෙබරවාරි 13 වැනිදා පැවැත්වේ.