ක්‍රීඩා

ඕස්ට්‍රේලියාවට වටින ලංකාවේ සනායා

Published

on

ශ්‍ර්‍රී ලාංකික ටේබල් ටෙනිස් ශූරියක් වන සනායා බුද්ධදාස ලබන දෙසැම්බර් 4 සිට 11 දක්වා ටියුනිසියාවේ ටියුනිස් නුවර පැවැත්වෙන ටේබල් ටෙනිස් යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කිරීම සඳහා තෝරා ගෙන ඇත.ඕස්ට්‍රේලියාවට වටින ලංකාවේ සනායා

එහිදී ඇය 19 න් පහළ කේවල,යුගල හා මිශ්‍ර යුගල යන අංශ තුනෙන්ම තරග වැදීමට නියමිතය.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මේරිබිනොන්ග් උසස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට යාමට පෙර සනායා වයස අවුරුදු 12 දී ශ්‍ර්‍රී ලංකා අවුරුදු 15 න් පහල කණ්ඩායම නියෝජනය කර තිබිණි.

” මං ඕස්ට්‍රේලියාවට එන කොට බලාපොරොත්තුවක් තිබුණා කවද හරි ටේබල් ටෙනිස් ක්‍රීඩාවෙන් ඔලිම්පික් නියෝජනය කරන්න. දැනට මං ඕස්ට්‍රේලියාවේ 17 න් පහල හා19 න් පහල අංක එකේ ශ්‍රේණිගතයි. ජාතික විවෘත ශ්‍රේණි ගත කිරීම් වල මං නව වැනි ස්ථානයේ ඉන්නවා. ලංකාවෙන් මෙහි ඇවිත් සුළු කාලෙකින් ලබා ගත් මේ ජයග්‍රහණ ගැන සතුටුයි.! “
සනායා ඕස්ට්‍රේලියාවේ සිට අප අමතමින් එසේ පැවසුවාය.

ඕස්ට්‍රේලියාවට යාමට පෙර ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර මේ වනවිට ඕස්ට්‍රේලියා යොවුන් ටේබල් ටෙනිස් කණ්ඩායම සමග විදෙස් පුහුණුවක නිරතව සිටියි.

Trending

Exit mobile version