ආසියානු කුසලාන තරගාවලියේ අද (31) පැවැත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක විශිෂ්ට ජයක් හිමිවිය.
ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ පැවැත්වෙන පළමු තරගය වූ මෙය, මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
මෙය, ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පිටපිටම ජයගත් 11 වැනි එක්දින ජාත්‍යන්තර තරගයද වේ.