ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර විගණන ප්‍රධානී ප්‍රසන්ති විජේසිංහ මහත්මිය මීට දින කිහිපයකට පෙර ඉල්ලා අස්වී තිබේ.
ඇයගේ මෙම හදිසි ඉල්ලා අස්වීම පසුගියදා ක්‍රීඩා ඇමතිවරයාගේ නියෝගයකින් ක්‍රිකට් ආයතනය තුළ රජයේ විගණන දෙපාර්තමේන්තුව මගින් කරන ලද වෝහාරික විගණනය හා සම්බන්ධ බවට සැකයක් ඇත්දැයි ඇතැම් මාධ්‍ය ඔස්සේ මතු කරන ලදී.
එහෙත් ක්‍රිකට් ආයතනය ඊයේ (02) නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් දැක්වූයේ ඇයගේ ඉල්ලා අස්වීම එයට කිසිසේත් සම්බන්ධයක් නොමැති බවයි.
රජයේ විගණන දෙපාර්තමේන්තුවේ ආරංච් මාර්ග පැවසුවේ දැනටමත් වෝහාරික විගණනයේ වාර්තාව සකස් කොට පාර්ලිමේන්තුවට නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවත්, ඉදිරියේදී යම් නැවත විමර්ෂණයක් අවශ්‍ය වන්නේ නම් ඇය නැවත කැඳවීමට හැකි බවත් ය.