ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවූ තහනම හේතුවෙන් මෙරටට ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පවසයි.
19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වය සහ 2024 ජූලි මසදී මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ ICCයේ වාර්ෂික සමුළුව අහිමිවීම තුළින් එම පාඩුව සිදුවෙන බවද ඔහු පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද (22) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ඊයේ රැස්වූ ICCයේ තීරණය වූයේ 19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමටයි.
“ICC පිළිගන්නේ මාව සහ අපේ බෝඩ් එක කියලත් ඒ අය තීරණය කළා,” යැයිද සිල්වා මහතා පවසා සිටියේය.
“මෙහේ ආපු ඉම්රාන් කවාජාත් කතා කළා. මේ තීන්දුව දුන්නේ මේක තනිකරම දේශපාලන බලපෑම් කියලා ඒ අයට තේරුණ නිසා කියලා කිව්වා,” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
තහනම පනවා තිබුණද මේ වසරට ලැබීමට නියමිත ගෙවීම් සාමාන්‍ය පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන බවද මෙහිදී පැවසීය.
ඔහු තවදුරටත් පැවසුවේ මින් ඉදිරියට තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා නොකරනද බවයි.