Connect with us

ක්‍රීඩා

ක්‍රිකට් විස්තර විචාරක පීටර් ලාලෝර් ගාල්ලේදී ‘ඔන්ලයින්’ ක්‍රමයට රස්සාවෙන් දොට්ටදායි

Published

on

තීරයේ ඊශ්‍රායල ප්‍රහාරය සහ මිනිස් සංහාර පිළිබඳ සටහනක් ‘ට්විටර්’ මඟින් ප්‍රචාරය කිරීම වරදක් ලෙස සලකා ගාල්ලට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් මාධ්‍යවේදී පීටර් ලාලෝර්ගේ ක්‍රිකට් විචාරක රැකියාව ‘ඔන්ලයින්’ ක්‍රමයට අහිමි කිරීමට ඔහු සේවය කළ ‘සෙන්’ ගුවන්විදුලි ආයතනය තීරණය කරයි.

සංචාරක ඔස්ට්‍රේලියානු පිල හා ශ්‍රී ලංකාව අතර හෙට ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගයේ විස්තර ප්‍රචාරයට සූදානමින් සිටි පීටර් ලාලෝර්ගේ ක්‍රිකට් විචාරක රැකියාව අහිමි කළ බව එම ආයතනය ඊයේ ඊමේල් මඟින් දැනුම් දී ඇත.

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය පිළිබඳව සමාජ මාධ්‍යවල පළ කළ සටහනක් මෙයට හේතුවී ඇති අතර, ‘සෙන්’ ගුවන්විදුලි බලධාරීන් විසින් ලාලෝර්ට දන්වන ලද්දේ ඔහු තවදුරටත් ඔවුන්ගේ විචාර කණ්ඩායමේ කොටස්කරුවකු නොවන බවයි. 

ඔහුට එල්ලවී ඇති ප්‍රධාන චෝදනාව වූයේ ලාලෝර්ගේ ට්විටර් පණිවිඩයෙන් යුදෙව් විරෝධය පතුරුවන බවයි.

ලාලෝර්ගේ විසින් එසේ රීපෝස්ට් කළ ට්විටර් පණිවිඩයක් පහත දැක්වේ.



කෙසේවුවද ලාලෝර් ඉවත් කිරීමෙන් පසු ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා ඔහුට සහාය පළ කර තිබේ. 

පලස්තීන අයිතිවාසිකම් පිළිබඳ සැමවිටම හඬ නඟන ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කවාජා පවසන්නේ ක්‍රිකට් මාධ්‍යවේදී ලාලෝර්ට අසාධාරණයක් සිදුව ඇති බවය.

පාකිස්තාන සම්භවයක් ඇති උස්මාන් කවාජා ඉන්ස්ටග්‍රෑම් හි ලාලෝර්ට සහාය දක්වමින් සටහනක් තබා ඇති අතර,‘ගාසාවේ ජනතාව සමඟ සිටීම යනු යුදෙව් විරෝධයක් නොවේ. 

මෙය ඔස්ට්‍රේලියාවේ සිටින අපගේ යුදෙව් සහෝදර සහෝදරියන්ට එරෙහි ප්‍රහාරයක් ද නොවේ. 

මෙය ඊශ්‍රායල රජයට සහ එහි පිළිකුල් සහගත හැසිරීමට එරෙහි විරෝධතාවක් පමණි. 

මෙය යුක්තිය සහ මානව හිමිකම් පිළිබඳ කාරණයකි’ යනුවෙන් කවාජා සටහන් කළේය.

උස්මාන් කවාජාගේ ඉන්ස්ටග්‍රෑම් පනිවුඩය පහත දැක්වේ.

‘සෙන්’ ගුවන්විදුලි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රේග් හචින්සන් පවසන්නේ මාධ්‍යවේදී ලාලෝර්ගේ පණිවිඩය මඟින් ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම නැවත බෙදා ගැනීමක් සිදුව ඇති බවත් මෙල්බර්න්හි වෙසෙන යුදෙව් ජනතාවට එයින් අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වන බවය.

ක්‍රීඩා

ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Published

on

By

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු 78කින් එම තරගයේ ජය ගැනීමට සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ සිව්වද දින වූ අද (28) දින උදෑසන බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියේය. 

ඒ අනුව ඔවුන්ට සිය දෙවන ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 133ක් පමණි.

මෙම තරගයේදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු අතර වැඩිම ලකුණු ලාභියා වූයේ මුෂ්ෆිකර් රහීම් වන අතර ඔහු රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 26කි.

මෙහිදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූ අතර නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත්තේය.

Continue Reading

ක්‍රීඩා

පැතුම් 150 පසුකරයි

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය.

ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී මේ වනවිට ලකුණු 150 සීමාව පසුකර ඇත.

පන්දු 242කට මුහුණදෙමින් ඔහු මෙම කඩඉම පසුකර ගිය අතර, ඔහුගේ ඉනිමේ හතරේ පහර 18ක්ද ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 2කට ලකුණු 296ක් රැස්කරගෙන සිටින අතර, පැතුම් සමගින් අනෙක් අන්තයේ රැඳී සිටින ප්‍රබාත් ජයසූරිය පන්දු 23කට මුහුණදී ලකුණු 6ක් රැස්කරගෙන සිටියි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට පැතුම් ලකුණු 146ක් ලබාගෙන තිබුණි.

Continue Reading

ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ කණ්ඩායමට කැඳවා ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved