ක්‍රීඩා

ක්‍රිකට් සභාපති ශම්මිට වාරණයක්

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ වැඩබලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්තට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කළුතර කායවර්ධන ක්‍රීඩා සමාජයේ සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු උපදේශක අනුර වීරසිංහ මහතා විසින් ශම්මි සිල්වා හා වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහත්වරුන්ට එරෙහිව පවරනු ලැබූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා  විනිසුරු සඳුන් විතාන මහතා අද (15) මෙම වාරණ නියෝගය නිකුත් කලේය.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිලිප්ස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ  දූෂණ සහ අක්‍රමිකතා ඇති බවට මාධ්‍ය සාකච්ඡාවක් කරමින් හෙළිදරව් කළ පැමිණිලිකරුගේ සේවය නීති විරෝධීව අත්හිටුවා ඇති විත්තිකාර සභාපතිවරයා අනීතිකව හා අත්තනෝමතිකව පැමිණිලිකරුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එම විනය පරීක්ෂණය වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිලිප්ස් මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා විසින් විනය පරීක්ෂණයක් පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලදී.

එමෙන්ම,  විත්තිකරුවන්ට  ලබන 29 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසටද මෙහිදී විනිසුරුවරයා නොතීසි නිකුත් කර තිබේ.

Trending

Exit mobile version