අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන 2028 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු ක්‍රීඩා 5ක් එක් කිරීමට නිල අනුමැතිය හිමිව තිබේ.
ඊයේ රැස්වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) 141 වැනි සැසිවාරයේදී මෙම තීරණය ගෙන ඇත.
එසේ නිල වශයෙන් ඇතුළත් කර ඇති අනෙක් ක්‍රීඩා වනුයේ බේස්බෝල්/සොෆ්ට්බෝල්, ෆ්ලෑග් ෆුට්බෝල්, ලැක්‍රෝස් (6) සහ ස්කොෂ් ය.
මෙම ක්‍රීඩා සඳහා පසුගිය සතියේදී IOC විධායක කමිටුවේ අනුමැතියද ලැබී තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවේ සභාපති ග්‍රෙග් බාක්ලේ මහතා සිය සතුට පළ කර කිබුණි.