ක්‍රීඩා

ක්‍රිස් ක්ලාක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ භෞත චිකිත්සක තැනට!

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙසින් එංගලන්ත ජාතික ක්‍රිස් ක්ලාක් පත් කොට ඇත. 

ඒ මහතාගේ පත්වීම අද (01) සිට වලංගු වන පරිදි මේ පත් කිරීම කර තිබේ.

ඔහු වසර දෙකක කාලයක් සඳහා මෙම ධූරයේ කටයුතු කරනබව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකධුරයට පත්වීමට පෙර ක්‍රිස්, එංගලන්තයේ කිංග්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යා හා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මෙන්ම ඒංගලන්ත එසෙක්ස්  ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙසින් ක්‍රියා කොට ඇත. 

ඔහුට එංගලන්තයේ උතුරු ලන්ඩන් විශ්ව විද්‍යාලයේ භෞත චිකිත්සාව පිළිබඳ ප්‍රථම උපාධියක් මෙන්ම කිංග්ස් විදුහලෙන් භෞත චිකිත්සාව පිළිබඳ පශ්චාත් උපාධියක්ද තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.

එමෙන්ම ඔහු එංගලන්ත කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා ලෙස තරග සංචාරයන්ට සහභාගි වී තිබෙන බවද ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ක්‍රිස්ගේ පළමු තරග සංචාරය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයයි.

Trending

Exit mobile version