ක්‍රීඩා

කාන්තාවන් හෙට පාපන්දු ඉතිහාසය අලුත් කරයි

Published

on

කටාර් හි පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හෙට (01) දිනයේදී කොස්ටාරිකාව සහ ජර්මනිය අතර හෙට පැවැත්වෙන කණ්ඩායම්-අදියර තරගයේදී තරග තීරක කර්තව්‍යය සම්පූර්ණයෙන්ම කාන්තාවන්ට පැවරෙනු ඇත.

පිරිමි තරගාවලියකදී මෙලස තරගයක වගකීම සම්පූර්ණයෙන් කාන්තාවන්ට මෙලෙස පැවරෙන්නේ ඉතිහාසයේ පළමු වරටයි.

මෙහි ප්‍රධාන තරග තීරකවරිය වන Stephanie Frappart පිරිමි ලෝක කුසලානයකදී තරග තීරක ධූරයේ කටයුතු කරන පළමු කාන්තාව ලෙස ඉතිහාසගත වේ.

ඇගේ සහය තරග තීරකවරියන් ලෙස බ්‍රසීලයේ Neuza Back හා මෙක්සිකෝවේ Karen Diaz Medina එක්වේ.

ඊයේ දින මෙක්සිකෝව හා පෝලන්තය අතර තරගයේ සිවුවැනි නිලධාරිනිය ලෙස නම්වූ ස්ටෙෆනී, මෙවර ලෝක කුසලානයට එක් වූ පළමු තරග නිලධාරිනිය බවටද පත්විය.

38 හැවිරිදි ස්ටෙෆනි ෆ්‍රැපර්ට් 2020 දී පිරිමි චැම්පියන්ස් ලීග් තරගයක තීරක වූ පළමු කාන්තාව බවට පත් වූ අතර ඇය 2019 යුරෝපීය සුපිරි කුසලානයේ ලිවර්පූල් සහ චෙල්සි අතර තරගයේ විනිසුරු ලෙස කටයුතු කරමින් ලොව ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ තරගයක විනිසුරුවරයා ලෙස කටයුතු කළ පළමු කාන්තාව ලෙස ද ඉතිහාස ගත විය.

Trending

Exit mobile version