ක්‍රීඩා

කාන්තා ක්‍රිකට් පිල නවසීලන්තයට එරෙහිව ඉතිහාසගත ජයක් ලබයි

Published

on

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව, එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට අද (03) සමත් විය.

ඒ අද (03) පැව සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි තුන්වන සහ අවසන් එක්දික ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8ක් අතැතිව ජය ගනිමිනි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ, නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 127ක් රැස් කර ගෙන සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට සිදුවිය.

නැවත වරක් තරගය ආරම්භ වූයේ, ජයග්‍රහණය උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29කදී ලකුණු 196ක ඉලක්කයක් ලබා දෙමිනි.

පන්දුවාර 26යි පන්දු 5ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය පසු කළේ ය.

විශිෂ්⁣⁣ට ඉනිමක් ක්‍රීඩා කළ නායක චමරි අතපත්තු, තම එක්දින ක්‍රිකට් දිවියේ  8වන ශතකය රැස් කිරීමට සමත් වූයේ, ලකුණු 140ක් රැස් කරමිණි.

හතරේ පහර 13 කින් සහ හයේ පහර 9කින් ඇගේ ඉනිම වර්ණවත් විය.

නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණූ 48 යි.

Trending

Exit mobile version