Connect with us

ක්‍රීඩා

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ තරග කාලසටහන අලුත්වෙයි

Published

on

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන නිකුත් කර තිබේ.

ඒ, අනුව මෙම තරගාවලිය ඔක්තෝබර් මස තුන්වැනිදා ආරම්භ වනු ඇත.

අවසන් පූර්ව තරග 17 සහ 18 පැවැත්වෙන අතර අවසන් මහා තරගය පැවැත්වෙන්නේ, ඔක්තෝබර් මස 20 වනදාය.

මෙම තරග සඳහා අතිරේක දිනයක් ද ලබා දීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය සමත් වී ඇත.

මෙම තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇ කාණ්ඩය යටතේ තරග කරනු ලබයි.

B කාණ්ඩය නියෝජනය කරනු ලබන්නේ, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දිය කොදෙව් දූපත්, බංගලාදේශය සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් විසිනි.

තරගාවලියට ඇතුළත් කර ඇති තරග 23 ඩුබායි සහ සජා ක්‍රීඩාංගණවල පැවැත්වෙනු ඇත.

සැප්තැම්බර් මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස පළමු වැනිදා දක්වා පෙරපුහුණ තරග 10ක් සැලැසුම් කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ. ‍

මීට පෙර මෙම තරගාවලිය බංගලාදේශයේ පැවැත්වීමට සැලැසුම් කර තිබුණ ද, එරට පවතින විරෝධතා හේතුවෙන් මෙය එක්සත් අරාබියේ පැවැත්වීමට එම කවුන්සිලිය පසුගියදා තීරණය කලේය.

3 October, Thursday, Bangladesh v Scotland, Sharjah, 2 PM

3 October, Thursday, Pakistan v Sri Lanka, Sharjah, 6 PM

4 October, Friday, South Africa v West Indies, Dubai, 2 PM

4 October, Friday, India v New Zealand, Dubai, 6 PM

5 October, Saturday, Bangladesh v England, Sharjah, 2 PM

5 October, Saturday, Australia v Sri Lanka, Sharjah, 6 PM

6 October, Sunday, India v Pakistan, Dubai, 2 PM

6 October, Sunday, West Indies v Scotland, Dubai, 6 PM

7 October, Monday, England v South Africa, Sharjah, 6 PM

8 October, Tuesday, Australia v New Zealand, Sharjah, 6 PM

9 October, Wednesday, South Africa v Scotland, Dubai, 2 PM

9 October, Wednesday, India v Sri Lanka, Dubai, 6 PM

10 October, Thursday, Bangladesh v West Indies, Sharjah, 6 PM

11 October, Friday, Australia v Pakistan, Dubai, 6 PM

12 October, Saturday, New Zealand v Sri Lanka, Sharjah, 2 PM

12 October, Saturday, Bangladesh v South Africa, Dubai, 6 PM

13 October, Sunday, England v Scotland, Sharjah, 2 PM

13 October, Sunday, India v Australia, Sharjah, 6 PM

14 October, Monday, Pakistan v New Zealand, Dubai, 6 PM

15 October, Tuesday, England v West Indies, Dubai, 6 PM

17 October, Thursday, Semi-final 1, Dubai, 6 PM

18 October, Friday, Semi-final 2, Sharjah, 6 PM

20 October, Sunday, Final, Dubai, 6 PM

ක්‍රීඩා

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

Published

on

By

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ, විරූට් කාර්ඩෝසෝ සමග විවාහ වූයේ මේ වසරේ ජුනි 22දා ය. ඔවුන් දෙදෙනා හට දරුවන් තිදෙනෙකු සිටියි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved