තරග තුන බැගින් වූ එක්දින ජාත්‍යන්තර තරගාවලියක් හා පන්දුවාර විස්සයි 20 තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිල ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව පන්දුවාර විස්සයි 20 තරග තුන ඔක්තෝබර් 13, 15 හා 17 යන දින වලදී දඹුල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
මේ අතර, එක්දින ජාත්‍යන්තර තුන ඔක්තෝබර් 20, 23 හා 26 යන දින වලදී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත.