බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් බ ඉ කො කණ්ඩායම සිය පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස්කළේය. ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 147, එක කඩුල්ලක් පමණක් දැවී ලබාගැනීමට අයර්ලන්තය සමත්විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2016 වසරේදී ලෝක කුසලාන 20/20 තරගාවලියේ ශූරයින්ද වේ.