ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට!

Published

on

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ICC එක්දින ශ්‍රේණිගත කිරීම් හි පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ.

එක්දින ශ්‍රේණිගත කිරීම් හි පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ 7 වන ස්ථානයේ රැඳී සිටි චමරි, එකවර ස්ථාන 6ක් ඉදිරියට පැමිණ මෙම ස්ථානය හිමිකරගෙන ඇත.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී චමරි දැක්වූ සුපිරි දක්ෂතා සමග ඇයට මෙම ස්ථානය හිමිව ඇත.

එහි පැවති පළමු එක්දින තරගයේදී චමරි අතපත්තු පන්දු 83කට ලකුණු 108ක් රැස්කරගත්තාය.

එම එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් තරගයේදීද විශිෂ්ට දක්ෂතා දැක්වූ චමරි, පන්දු 80 කදී වේගවත් ලකුණු 140ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය.

එම ඉනිම දෙකේදීම නොදැවී පන්දුවට පහරදෙමින් චමරි මෙම දක්ෂතා දැක්වීම තවත් විශේෂත්වයකි.

Trending

Exit mobile version