ජූලි මාසයේ දක්ෂතම ක්රීඩිකාවන්ගේ කෙටි ලැයිස්තුව ජගත් ක්රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබේ.
ඔවුන් තිදෙනාම ආරම්භක පිතිකාරිනියන් වීම විශේෂත්වයකි.
මෙම තෝරාගැනීම සිදු කර ඇත්තේ, ජූලි මාසයේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමිනි.
ශ්රී ලංකාවේ චමරි අතපත්තු, ඉන්දීයාවේ ස්ම්රිති මන්දනා සහ ශෆාලි වෙර්මා එම ක්රීඩිකාවන් වේ.
ශ්රී ලංකා කණ්ඩායම පසුගිය මාසයේ දී ආසියානු කුසලානය ජයග්රහණය කළ අතර එහි දී චමරි අත්පත්තු විශාල කාර්යභාර්යයක් ඉටු කල අතර අවස්ථා දෙකකදී ඇය මාසයේ ක්රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
ජුනි මාසයේ ක්රීඩිකාව ලෙස සම්මාන හිමිකරගත්, ස්ම්රිති මන්දනා මෙවරද සම්මාන අතර නිර්දේශ වී සිටී.