ක්‍රීඩා

චමරි ජූලි මාසයේ ලොව දක්ෂතම ක්‍රීඩිකාව වෙයි

Published

on

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා, චමරි අතපත්තු ජූලි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ.

පසුගිය මැයි මාසයේදීද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද ලොව දක්ෂතම ක්‍රීඩිකාවගේ ස්ථානය දිනා ගැනීමට චමරි සමත් වු අතර මේ ඇය මෙලෙස ලොව දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කිරුළ දිනාගන්නේ තෙවන වතාවට වීම විශේෂත්වයකි.

චමරි සමඟ ඉන්දීය කාන්තා කණ්ඩායමේ ස්ම්‍රිති මන්දනා සහ ශෆාලි වර්මා ජූලි මාසයේ හොඳම ක්‍රීඩිකාවන් අතරට නිර්දේශ වී තිබුණි.

ශ්‍රී ලංකාව 2024 කාන්තා ක්‍රිකට් ආසියානු කුසලානය දිනා ගැනීමේදී චමරි දැක්වූ දක්ෂතාද මෙම සම්මානයට හේතු වී ඇති බව සඳහන්ය.

සබැඳි පුවත්
https://sinhala.srilankamirror.com/sports/චමරි-ගැන-ජගත්-ක්රිකට්-කව/

Trending

Exit mobile version