ක්‍රීඩා

ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළට

Published

on

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සඳහා ගෙවන තරග ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ 2023 වසරේ ජනවාරි 31දා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවත්, මෙම වැටුප් වැඩි වීම ජනවාරි 01දා සිට ක්‍රියාත්මක වන බවත්ය.

එම වැටුප් වැඩි කිරීමේ තීරණයට අනුව සීමිත පන්දුවාර තරගයක් සඳහා ක්‍රීඩිකාවකට ගෙවූ ඇමරිකානු ඩොලර් 250ක මුදල ඇමරිකානු ඩොලර් 750ක් දක්වා ඩොලර් 500ක මුදලකින් ඉහළ දමා ඇත.

තවද, සංචිතයේ සිටින සෑම අතිරේක ක්‍රීඩිකාවකටම තරඟ ගාස්තුවෙන් සියයට 25 බැගින් හිමිවේ.

තවද, ද්විපාර්ශ්වික හෝ ජාත්‍යන්තර තරඟාවලියකදී කණ්ඩායම විසින් ජයග්‍රහණය කරන සෑම තරඟයක් සඳහාම, සෑම ක්‍රීඩකයෙකුටම ඇමරිකානු ඩොලර් 250 ක ජයග්‍රාහී ප්‍රසාද දීමනාවක් ලැබෙනු ඇත.

Trending

Exit mobile version