පිට පිට තෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (23) සමත් විය.
ඒ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 2කින් පරාජය කරමිනි.
තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට කලම්බු පිලට ආරාධනා කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 163ක් රැස් කළේ කලේය.
පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 164 ක ඉලක්කය හඹා ගිය ජැෆ්නා පිල පන්දු වාර 19.2 කදී කඩුලු 8ක් දැවී ජයග්‍රහනය තමන් සතු කර ගත්තේය.
තරගයේ වීරයා ලෙස අවිශ්ක ප්‍රනාන්දු සහ තරගාවලියේ වීරයා ලෙස සධීර සමරවික්‍රම තේරී පත්විය.
තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්විණි.