ක්‍රීඩා

ටයිම් අවුට් න්‍යායෙන් මැතිව්ස් අවුට්

Published

on

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ කඩුල්ලක් බිඳ වැටීමෙන් පසුව නියමිත කාලය තුළ පන්දුවට පහර නොදීමේ වරදට හසුව අන්තර්ජාතික ක්‍රිකට් තරගයකදී දැවී ගිය පළමු පිතිකරු ලෙස ඇන්ජලෝ මැතිව්ස් මීට සුළු මොහොතකට පෙර දැවී ගියේය.

සදීර සමරවික්‍රම දැවී යාමෙන් පසුව මැතිව්ස් තණතීරුව පැමිණ විනාඩි දෙකක් තුළ පන්දුවට පහර නොදීම හේතුවෙන් බංග්ලාදේශ පිල කළ ඉල්ලීමකට අනුව ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස විනිසුරු නම් කළේය. සදීර පස්වරු 3.49 ට දැවී යාමෙන් පසුව මැතිව්ස් 3.54 වන විටත් පන්දුවට පහර දීමට සූදානම්ව නොතිබුණු බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කළේය.

මැතිව්ස් තණතීරුවට පැමිණ පන්දුවට පහර දීමට පෙර හිස් ආවරණය මාරු කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් නීතියට අනුව ලෝක කුසලාන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක කඩුල්ලක් බිඳවැටීමෙන් පසුව ඊළඟ පිතිකරු විනාඩි දෙකක් තුළ පන්දුවට පහර දිය යුතුය.

(ලංකාදීප)

Trending

Exit mobile version