ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතුකළ රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්කර තිබේ.
ඔහු මෙම කණ්ඩායම සමග පසුගියදා ගිවිසුම්ගත වී ඇති බවත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2025 තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසියේදී, රඳවා ගතයුතු ක්‍රීඩකයින් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවිය වාර්තා කරයි.රෝයල්ස් කණ්ඩායම සමග ඩ්‍රාවිඩ් ට අතීතයේ ද සම්බන්ධතා තිබුණි. ඔහු 2012 සහ 2013 වසර වල රෝයල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය.