සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී අද (09) පැවති තුන්වෙනි සහ අවසන් තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 28 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව 2-1 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකරගත්තේය.
යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට කඩුලු පහක් දවාගනිමින් තරඟයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 කදී කඩුලු 7 ට 174
(කුසල් මෙන්ඩිස් 86, වනිදු හසරංග 15, දසුන් ශානක 19, ටස්කින් අහමඩ් 25/2, රිෂාඩ් හොසේන් 35/2)
බංග්ලාදේශ පිල පන්දුවාර 19.4 කදී සියලු දෙනාදැවී 146
(මෙහෙදී හසන් 19, රිෂාඩ් හොසේන් 53, ටස්කින් අහමඩ් 31, නුවන් තුෂාර 20/5, වනිදු හසරංග 32/2)
ලකුණු පුවරුව