ක්‍රීඩා

තරග පාවාදෙන්න යෝජනා කළ ඉන්දීය කළමනාකරුට එක් කෝටි දස ලක්ෂයක දඩයක්

Published

on

ක්‍රිකට් තරග පාවාදීමට යෝජනා කළ බවට චෝදනා ලද පංජාබ් රෝයල්ස් කණ්ඩායමේ කළමණාකාර පැචලෝඩියා ආකාශ් රුපියල් එක් කෝටි දස ලක්ෂයක දඩයක් ගෙවන ලෙස මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි අද (27) නියෝග කළාය.

ඔහු පසුගිය දා පල්ලේකැලේ ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති “ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024” තරගාවලියේ දී උපුල් තරංගට සහ නවසීලන්ත ක්‍රීඩක නීල් බෘම් මෙසේ තරග පාවාදීමට යෝජනා කර තිබිණි.

 “ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024” තරඟාවලිය අතරතුර උපුල් තරංග හා නීල් බෘම් ක්‍රීඩා වලට සම්බන්ධ දූෂණ වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන වලින් පසු අදාළ කළමනාකාරවරයා අත්අඩංගුවට ගනු ලැබූ අතර නීතිපතිවරයා විසින් 2019 අංක 24 දරන ක්‍රීඩා වලට සම්බන්ධ දූෂණ වැලැක්වීමේ පනත යටතේ ඔහුට චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබිණි.

අදාළ චෝදනා සම්බන්ධ නඩු විභාගයේ දී එක් චෝදනාවක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 55 බැගින් චෝදනා දෙක වෙනුවෙන් මහාධිකරණ විනිසුරුවරිය රුපියල් එක්කෝටි දස ලක්ෂයක දඩයක් නියම කළාය.

එක් චෝදනාවකට අදාළ දඩ මුදල නොගෙවන්නේ නම් වසර 2 1/2 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද විනිසුරුවරිය විසින් නියම කළාය.

නඩු තීන්දුව ප්‍රකාරව දඩ මුදල නොගෙවන්නේ නම් චූදිතයාට බරපතල වැඩ සහිත පස් අවුරුදු සිරඳඬුවමක් ද විනිසුරුවරිය විසින් පැනවීය.

Trending

Exit mobile version