2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට ඊයේ (02) සහභාගි වූ තරුෂි කරුණාරත්නට එහි අට වැනි ස්ථානය හිමි වූවාය.
එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 02යි, තප්පර 07යි, දශම 76කි.
කෙසේ නමුත් තරුෂි කරුණාරත්නට අද (03) දිනයේ නැවත වතාවක් කාන්තා මීටර් 800 සඳහා තරග කිරීමට අවස්ථාවක් තිබේ.
එම තරගය පවත්වන්නේ පළමු වටයේදී අවසන් පූර වටේ සඳහා සුදුසුකම් නොලැබූ අය වෙනුවෙනි.