ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්වීමට තවත් ක්‍රීඩකයින් තිදෙනෙක්ව සිම්බාබ්වේ වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව ඩිල්ශාන් මධුශංක, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ ජූනි 23දා බුලවායෝ හි සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතය.
නිත්‍ය ක්‍රීඩකයෙක් ආබාධයකට ලක් වුවහොත් කණ්ඩායමට එක්කිරීමට විකල්ප ක්‍රීඩකයන් ලෙස (standby options) බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.