සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග අද(19) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.
තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 4ක තියුණු ජයක් ලබා ගත්තේ ය.
ඒ අනුව තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණේ රැදී සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු නංවා ගැනීමටනම් ඇෆ්ගනිස්ථානයට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.
තරගය අද රාත්‍රී 7ට ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර අද තරගයේ සහ අනිද්දා පැවැත්වෙන තුන්වැනි තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වනවිට අලෙවි වී අවසන් බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.