අබුඩාබිහි පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී අයර්ලන්ත ඒ පිල පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ඒ පිල එහි ශූරතාව දිනා ගැනීමට සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත ඒ පිලට පන්දු වාර 47.3 කදී රැස් කර ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 200 ක් පමණි.
මූලික වටයේ තරග හතරම ජයගෙන තිබුණු ශ්‍රී ලංකා පිලට මෙය පහසු ඉලක්කයක් සේ පෙනුනද එක් අවස්ථාවක මුල් කඩුලු 5 ම ලකුණු 43 කට දැවී යාම නිසා තරගයේ බලාපොරොත්තු අත හරින තත්තවයක් උදා වුවද පිටියේ එක්වූ පවන් රත්නායක හා මිලාන් රත්නායක 6 වන කඩුල්ල සඳහා ලකුණු 160 ක අගනා අඛණ්ඩ සබඳතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ඒ පිලට අවසානයේ පහසු ජයග්‍රහණයක් අත් කර දුන්නේ තවත් පන්දු වාර 15.3 ක් ඉතිරිව තිබියදීය.
මිලාන් රත්නායක පන්දු 83 කදී හතරේ පහර 9 ක් හා හයේ පහර 2ක් සමග නොදැවී ලකුණු 77 ක්ද පවන් රත්නායක පන්දු 76 කදී හතරේ පහර 9 ක් හා හයේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 77 ක්ද රැස් කළෝය.
අයර්ලන්ත ඉනිමේ ලකුණු 24 කට කඩුලු 3 ක්ද බිඳ හෙලූ මිලාන් රත්නායක අවසන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.
තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ තරිඳු රත්නායක ලකුණු 33කට කඩුලු 4:ක් දවාලීමට සමත් විය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා ඒ පිලේ ජයග්‍රහණය සඳහා රත්නායකලා තිදෙනකුම දායක වීම විශේෂ සිද්ධියකි.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ඒ පිලේ නායකත්වය සදීර සමරවික්‍රම විසින් දරනු ලැබූ අතර අවිෂ්ක ගුණවර්ධන පුහුණුකරු ලෙස කටයුතු කළේය.
විශේෂ වාර්තාකරුවකු අබුඩාබියේ සිට ..
අනුග්‍රහය ශ්‍රී ලන්කන්