ක්‍රීඩා

දකුණු අප්‍රිකාව පිට පිට දෙවැනිවරටත් රග්බි ලෝක කුසලානය දිනයි

Published

on

දකුණු අප්‍රිකාව, අඛණ්ඩව දෙවැනි වරටත් රග්බි ලෝක කුසලානය දිනා ගත්තේ ය.

ඒ, නවසීලන්ත කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය ලකුණු 12ට 11ක් ලෙස ජය ගනිමිනි.

ප්‍රංශයේ දෙ ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු 12ට දඬුවම් පහර 4ක් ඇතුළත් විය.

නවසීලන්ත කණ්ඩායම උත්සාහක දිනුමකින් සහ  දඬුවම් පහර 2කින් සිය ලකුණු රැස් කළේ ය.

දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානයක් ජය ගත් සිව්වැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

Trending

Exit mobile version