Connect with us

ක්‍රීඩා

දඹුල්ලට ලයිට් දාන්න වියදම මිලියන 150ක්; ටෙන්ඩරේ මෙදාපාරත් ඩිමෝට

Published

on

වසරකට දිවා රාත්‍රි ජාත්‍යන්තර තරග තුන හතරකට වඩා නොපවත්වන දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආලෝක ධාරා පද්ධතිය මුළුමනින්ම අලුත් කිරීමට ක්‍රිකට් ආයතනය මේ දිනවල කටයුතු කරමින් සිටී.

මෙහි ටෙන්ඩරය ලබා ගෙන ඇති ඩීමෝ සමාගම මේ දිනවල දඹුල්ලේ එහි වැඩ කටයුතු අරඹා ඇත.

ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩාංගණ වල ආලෝක ධාරා පද්ධති වල අලුත්වැඩියා කටයුතු භාර දෙනු ලබන්නේ ඩීමෝ සමාගමටය.

මෙවර දඹුල්ල ක්‍රීඩාංගණයේ ආලෝක ධාරා පද්ධති ව්‍යාපෘතිය සඳහා මිලියන 150 ක් පමණ  වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වසර 2001 ආරම්භ කරන ලද දඹුල්ල ක්‍රීඩාංගණයේ මෙතෙක් ජාත්‍යන්තර තරග 55 ක් පවත්වා තිබෙන අතර  ආරම්භයේ සිටම එහි කුළුණු උසින් අඩු බවත් ආලෝක ධාරා වල දීප්තියේ ( Lux ) අඩුවක් තිබුණු බවටත් ක්‍රීඩකයන් වෙතින් චෝදනා එල්ල වී තිබිණ.

එසේම ජාතික ක්‍රීඩකයන් සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්  හා පිහිනුම් තඨාකයක් ඉදිකිරීමට එවකට තිබූ අතුරු කමිටුව සැළසුම් කොට අඩිතාලම පවා දමා තිබියදී එය නතර කරන ලදී.

ක්‍රිකට් ආයතනයට මුදල් රැගෙන එන ක්‍රීඩකයන්ගේ පුහුණුවට අවශ්‍ය මූලික අවශ්‍යතා දෙකක් වන ගෘහස්ථ ක්‍රීඩාගාරය හා පිහිනුම් තඨාකය අමතක කොට වසරකට තරග කිහිපයක් පවත්වන ක්‍රීඩාංගණයක ආලෝකධාරා පද්ධති අලුත් කිරීම ගැන ක්‍රීඩකයන් අසතුට පළ කර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඩිමෝ ආයතනය මීට පෙර ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ නොදැල්වෙන විදුලි බුබුලුවලට අලුතින් විදුලි බුබුලු එක් කිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන එහි දැල්වෙන විදුලි බුබුලුද ගලවාගෙන ගොස් අලුත් විදුලි බුබුලු එක්කර තිබූ බවට මීට පෙර චෝදනාවක් එල්ලවී තිබිණි.

ක්‍රීඩා

දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලයේ බලන්න දෙයි

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (ජුනි 25දා) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රේක්‍ෂකයන්ට එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අංක 3 සහ 4 දොරටුවලින් ක්‍රීඩාංගණයට ඇතුළු වියහැකි වේ.

මෙම තරගය පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

Continue Reading

ක්‍රීඩා

යුපුන් ජර්මනියේදී දස්කම් පෙන්වයි

Published

on

By

ජර්ම­නියේ ඇන්හෝ­ල්ට්හිදි පැවති 27 වැනි අන්ත­ර්ජා­තික මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තර­ග­ය­කදී යුපුන් අබේ­කෝන් තත්පර 10.18ක කාල­යක් වාර්තා කර­මින් ඔහුගේ හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව සට­හන් ක‍ළේය.

මේ වසරේ සැප්තැ­ම්බර් මාසයේ ටෝකියෝ හි පැවැ­ත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ මීටර් 100 පරි­සා­ධන මට්ටම තත්පර 10ක් වේ.

Continue Reading

ක්‍රීඩා

මැතිව්ස්, ටෙස්ට් පිටියට සමු දෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට අද (21) සමුදුන්නේය.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

මෙම තරගය අද දිනයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය.

16 වසරක් පුරාවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ මැතිව්ස්, ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබේ.

එහිදී ලකුණු 8,214ක් ලබා ගෙන ඇති ඔහු, ටෙස්ට් ශතක 16කට සහ අර්ධ ශතක 45ක් ලබාගැනීමටද සමත් වී තිබේ.

ඊට අමතරව ඔහු විසින් ටෙස්ට් කඩුලු 33ක්ද දවා ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved