ක්‍රීඩා

දසුන්ට හා වනිඳුට ටෙක්සාස් යන්න දෙන්න බෑ කියලා!

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක  සහ වනිඳු හසරංග විදේශීය ක්‍රිකට් ලීගයකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබූ  ‘විරෝධතා නොදැක්වීමේ  සහතික’ (No Objection Certificates)  ලබා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්  ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා ‌වේ.

දසුන් ශානක සහ සුපිරි පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග එක්සත් ජනපද විස්සයි 20 ක්‍රිකට් ලීගයේ සමාරම්භක සංස්කරණයට සහභාගී වීම සඳහා මෙම විරෝධතා නොදැක්වීමේ සහතික ඉල්ලා තිබුණි.

ජූලි 13 සහ 30 අතර ටෙක්සාස් හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන “මේජර් ලීග් විස්සයි 20” තරගාවලියේ සමාරම්භක සංස්කරණය සඳහා “වොෂින්ටන් ෆ්‍රීඩම්” විසින් හසරංග තෝරාගෙන තිබුණු   අතර “සියැටල් ඔර්කාස්” විසින් ශානක තෝරා ගෙන තිබිණි.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ  ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට විදේශීය ලීග් තරඟ දෙකකට පමණක් අවසර දීමට  ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණයෙන් පසුව මෙම විරෝධතා නොදැක්වීමේ සහතික ප්‍රතික්ෂේප කළ බවයි.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සහ යෝජිත T10 ලීගය ඇතුළුව වසරකට ක්‍රීඩකයෙකුට ලීග් හතරකට පමණක් අවසර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළේය.

දසුන් ශානක ඉන්දීය ප්‍රිමියර් ලීගයේ (IPL) ගුජරාට් ටයිටන්ස් නියෝජනය කළ අතර, පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලිය නියෝජනය කරමින්  “පෙෂාවර් සල්මි”  කණ්ඩායමට සහ ජාත්‍යන්තර ලීග් T20 තරගාවලියේ  ඩුබායි කැපිටල්ස් නියෝජනය කර ඇත. ඒ අනුව ඔහු මේ වසර තුල මේ වනවිට   විදේශීය ලීග තුනක් ක්‍රීඩා කර තිබේ.

Trending

Exit mobile version