ක්‍රීඩා

දැල්පන්දු පුහුණු තනතුර නැවත තිලකාට!

Published

on

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නව පුහුණුකාරිණිය ලෙස අත්දැකීම් බහුල පුහුණුකාරිණියක් වන තිලකා ජිනදාස මහත්මිය පත් කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර ඇතැයි වාර්තා වේ.

හයසින්ත් විජේසිංහ මහත්මිය අදාළ තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව එම ධූරය පසුගියදා පුරප්පාඩු වී තිබිණි.

එම ධූරය සඳහා තිලකාට අමතරව හිටපු ජාතික ක්‍රීඩිකා සෝමිතා ද අල්විස් මහත්මියගේ නමද යෝජනා වී තිබූ බව පැවසේ.

ඔවුන් දෙදෙනාම මේ තනතුර ලබා ගැනීම සඳහා සී. රත්නමුදලිගේ, යසා රාමචන්ද්‍ර සහ සමන් කුමාර ගුණවර්ධන යන අයවලුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති තෝරා ගැනීමේ සම්මුඛ සාකච්ඡාවට සහභාගිවී ඇති බවද මේ අතර වාර්තා වේ.

Trending

Exit mobile version