Connect with us

ක්‍රීඩා

දික්වැල්ලට සහනයක්

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර තිබේ.

ඒ අනුව අද (11) සිට ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබී ඇති බව වාර්තා වේ.

නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වීමත් සමග නිරෝෂන් දික්වැල්ලට නැවත දැනුම්දෙන තුරු සියලුම ක්‍රිකට් තරග තහනම් කිරීමට බලධාරීන් පියවර ගත් අතර එම තහනමට එරෙහිව දික්වැල්ල සිය නීතිඥවරුන් මඟින් අභියාචනයක් ඉදිරිපත් කලේය.

එම අභියාචනය අනුව දික්වැල්ලට මෙම සහනය ලැබී ඇති බවයි වාර්තා වේ.

ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි විස්ස තරගය අද

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද(10) රාත්‍රී 07ට මහනුවර පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ආබාධයකට ලක් වූ වනිඳු හසරංගට මෙම තරගාවලිය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ(09) නිවේදනය කළේ ය.

දෙරට අතර පැවති පන්දුවාර 20 තරගාවලි ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවක බංග්ලාදේශ කණ්ඩායමක් ශ්‍රී ලංකාව හමුවේ මෙතෙක් තරගාවලියක් ජයගෙන  නැත.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

වනිඳුට පළමු තරගය අහිමි වෙයිද?

Published

on

By

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු 20යි 20 තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම අවිනිශ්චිතතාවය මතුව ඇත.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු 20 -20 තරගය හෙට රාත්‍රී 7ට පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.‍

Continue Reading

ක්‍රීඩා

ජුනි මාසයේ ICC දක්ෂයින් අතරට ගිය පැතුම්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ජුනි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබේ.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රම්ද ඒ අතරට ඇතුළත්.

මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved