ක්‍රීඩා

දුෂ්මන්තගේ හිස්තැනට කසුන් රාජිත එයි

Published

on

පාදයේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමත් සමග ඔහු වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග ඊයේ (18) පැවති තරගයේදී දුෂ්මන්ත චමීර පාදයේ ආබාධයකට ලක්වුණි.

වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව ඔහුව ශල්‍යකර්මයකට භාජනය කළයුතු බව නිර්දේශ කර තිබේ.

මේ අතර ඩිල්ෂාන් මධුසංක ආබාධයකට ලක්වීම හේතුවෙන් අතිරේක ක්‍රීඩකයෙක් ලෙස සිටි බිනුර ප්‍රනාන්දුව 15 දෙනාගේ සංචිතයට ඇතුළත් කෙරුණි.

බිනුර 15 දෙනාගේ සංචිතයට පැමිණීම හේතුවෙන් පුරප්පාඩු වූ ස්ථානයට අසිත ප්‍රනාන්දුව අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

Trending

Exit mobile version