මේ වන විට අබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා පිලේ පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සුපිරි හය වටයේ තරඟ සඳහාද ක්‍රීඩා නොකරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඔහු වෙනුවට ඩිල්ෂාන් මධුශංක සංචිතයට ඇතුළත් කෙරෙනු ඇත.
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ කණ්ඩායම් අදියරේ ශ්‍රී ලංකාවේ පළමු තරගයට පෙර පුහුණුවීම්වල යෙදී සිටියදී දකුණු උරහිසේ මාංශ පේශි ආබාධයකට ලක්වූ චමීර, තවමත් සුවය ලබමින් සිටියි.
ඒ අනුව ඔහු යළිත් මෙරටට පැමිණීමට නියමිත අතර, ඉන් අනතුරුව චමීර ආපසු නිවසට පැමිණ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපන වැඩසටහනක නිරත වනු ඇති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් පවසයි.