Connect with us

ක්‍රීඩා

දූවකුයි අම්මෙකුයි කැනඩාවට යවන්න ක්‍රීඩා ඇමතිටයි ඩීජීටයි අමුතු ඇම්මක් ඇවිත්!

Published

on

මෙම වසරේ අගෝස්තු මස කැනඩාවේදී පැවැත්වීමට නියමිත ලෝක යොවුන් දුනු විදීමේ ශූරතාව සඳහා, ක්‍රීඩා ඇමැතිවරයාගේ විශේෂ අවසරයක් මත ක්‍රීඩිකාවක සහභාගීකරවීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය විසින් කරනු ලබන ප්‍රබල හා ඉතා උනන්දු මැදිහත්වීම මේ වන විට දුනු විදීම් ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී කරවීමේ සම්මත තේරීම් පටිපාටියෙන් සහමුලින්ම බැහැරව එම තරගාවලිය සඳහා නම් කර ඇති මෙකී ක්‍රීඩිකාවට අමතරව පුහුණුකරු සහ කාන්තා භාර නිලධාරිනියකද ඒ සමගින් එම සංචාරය සඳහා ඇතුළත් කරවීමට ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත්ව සිටින අතර එම කාන්තා භාර නිලධාරිනිය ලෙසින් නම් කර ඇත්තේ මෙම ක්‍රීඩිකාවගේ මව වීමද කැපී පෙනෙයි.

ක්‍රීසංදෙ/ක්‍රීඩා/05/01/42 දරන අංක යටතේ 2025.03.31 දාතමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දුගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා දුනු විදීම් සම්මේලනයේ ලේකම් වෙත නිකුත් කර ඇති ලිපියක් මගින් අදාළ ක්‍රීඩිකාව මෙම ශූරතාව සඳහා ඇතුළත්කරවීමට අවශ්‍ය කටයුතු යොදන මෙන් දැනුම් දී ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් පෙර දින රාත්‍රියේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ අනුමැතිය තමන් වෙත ලැබුණු බවද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා එකී ලිපියේ විශේෂයෙන් සඳහන් කර තිබීම ද විශේෂිතය.

මෙම ක්‍රීඩිකාව අදාළ ලෝක ශූරතාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ඇතුළත් කරන ලෙසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරනු ලබන දැනුම් දීමේ පදනමද අපහැදිළි බවත්, අවසන් වශයෙන් පැවැති දේශීය තරගවලදී මෙකී ක්‍රීඩිකාව ලෝක ශූරතා තරගාවලි සඳහා අදාළ මීටර 60 තරගාවලියට ඉදිරිපත්ව නැතැයි පැවසේ.

එසේම මීටර 30 තරගාවලියේදී ද ඇයට හිමිව ඇත්තේ 17වැනි ස්ථානය බවද වාර්තා වේ.

කෙසේවුවද, අවසන් වශයෙන් පැවැති තරගාවලියේදී ඇයගේ දුන්න දෝෂයකට ලක්වීම නිසා අපේක්ෂිත දස්කම් ප්‍රදර්ශනය කිරීමට නොහැකි වූ බවත්, ඉන් ඔබ්බට අදාළ දස්කම් ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාවක් ලැබී නොමැති බවත් (තරගාවලි පවත්වා නැති බැවින්) මෙකී ලෝක ශූරතාව සඳහා තමන් සහභාගීවනුයේ පුද්ගලික වියදමෙන් වීම නිසාත් එම කරුණු සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාව ලබාදෙන මෙන් එම ක්‍රීඩිකාවගේ පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මේ අවස්ථාව ලබා දී ඇති බවද පැවසේ.

ක්‍රීඩා අමාත්‍යවරයා මෙයට මැදිහත්ව ඇත්තේ එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් බවත් පැවසේ.

මේ අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ක්‍රීඩා අමාත්‍යංශය තමන්ට කිසිදු සහයක් ලබා නොදෙන්නේ යැයි කියමින් ශ්‍රී ලංකා දුනුවිදීම් සම්මේලනයේ සමස්ත නිලධාරී මඩුල්ල 2025 ජනවාරි 09 වැනිදා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළ අතර එවැනි වාතාවරණයක් යටතේ මෙම ක්‍රීඩිකාවගේ ලෝක ශූරතා සහභාගීත්වයට අදාළව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා දුනුවිදීම් සම්මේලනයේ ලේකම්වරයාට යනුවෙන් යොමු කර ඇති ලිපියේ අදාළ යොමුවේ නෛතිකභාවය සම්බන්ධයෙන්ද ගැටලු මතුව ඇති බව වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ

ක්‍රීඩා

චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි

Published

on

By

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ.

ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර තිබේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණ වේ.

Continue Reading

ක්‍රීඩා

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සිල වර්ජනයක?

Published

on

By

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය මීට හේතුවයි.

එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

කොදෙව් ටෙස්ට් නායකත්වයට රොස්ටන් චේස්

Published

on

By

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම්කර ඇත. 

33 හැවිරිදි වියේ පසුවන චේස්, කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් තරග 49ක ඉනිම් 90කදී ලකුණු 2,265ක් රැස්කර තිබේ.

ඔහු ශතක 5ක් හා අර්ධ ශතක 11කට හිමිකම් කියයි.

චේස් නායකත්වය දරණ පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50වන ටෙස්ට් තරගය වනු ඇත.

කෙසේ නමුත් 2023 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාකළ ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු මේ දක්වා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩාකර නොමැත.

කොදෙව් ටෙස්ට් නායක ලෙස කටයුතු කළ ක්‍රේග් බ්‍රැත්වේට් පසුගිය මාර්තු මස ඉන්දීය කොදෙව් නායකත්වයෙන් ඉවත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved